අභ්‍යන්තර කටයුතු ඒකකය (IAU)
2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනත ප්‍රකාරව රාජ්‍ය නිලධාරීන්ගේ සුපිලිපන්න භාවය තහවුරු කරමින් අල්ලසෙන් හා දූෂණයෙන් තොර රාජ්‍ය සේවයක් ශ්‍රී ලංකාව තුල නිර්මාණය කිරීමේ අත්‍යවශ්‍ය වැදගත්කම කෙරෙහි රජයේ ප්‍රමුඛතම අවධානය යොමුව ඇත. ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශය තුල දූෂණය මැඩලීමේ ක්‍රියාවලියේ ප්‍රධාන මුලපිරීමක් ලෙස රාජ්‍ය අංශය පුරා විනිවිදභාවය, වගවීම,සහ සුපිලිපන්න භාවය පෝෂණය කරන සංස්කෘතියක් නිර්මාණය කර රජයේ සේවාවන් සියළුම පුරවැසියන් හට ඵලදායී ලෙස සැපයීම සඳහා සියළුම රජයේ අමාත්‍යංශ, දෙපාර්තමේන්තු සහ ආයතන තුල අභ්‍යන්තර කටයුතු ඒකක (Internal Affairs Unit - IAU) පිහිටුවා ඇත.
ඒ අනුව අප දෙපාර්තමේන්තුවේ යම් අක්‍රමිකතාවයක්, දූෂණයක් හෝ වංචාවක් ඔබ දැනුවත්ව සිදුවන්නේ නම් නාමිකව හෝ නිර්නාමිකව ඒ පිළිබඳව තොරතුරු/පැමිණිලි අප දෙපාර්තමේන්තුවේ පිහිටුවා ඇති අභ්‍යන්තර කටයුතු ඒකකය වෙත පහත ක්‍රමවේදයක් ඔස්සේ දැනුම්දිය හැකිය.
ඒකක ප්‍රධානි
ඉංජිනේරු ඩබ්. ජී. එස්. සී. සේනාරත්න
ප්‍රධාන ඉංජිනේරු (සෞඛ්‍ය ගොඩනැගිලි)
සුපිලිපන්න නිළධාරි
පී. කේ. අබේරත්න
පරිපාලන නිළධාරි
ලිපිනය - මධ්‍යම පළාත් ඉංජිනේරු සේවා දෙපාර්තමේන්තුව, 230/3, එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මාවත, මහනුවර
දුරකථන අංකය - 081-2228111
විද්‍යුත් තැපැල් ලිපිනය - dir.cpesd@gmail.com