ඉංජිනේරු සේවා දෙපාර්තමේන්තුව

මධ්‍යම පළාත් සභාව



විදුලි අංශය

අංශ ප්‍රධානියාගේ  තොරතුරු :

විදුලි ඉංජිනේරු

ඉංජි. එච්.එම්.එස්.කේ.ධර්මදාස මිය

අංශය විසින් සපයනු ලබන සේවාවන් පිළිබද විස්තර

මධ්‍යම පළාත් ඉංජිනේරු සේවා දෙපාර්තමේන්තුවේ සියළුම අංශ මගින් ඉටු කරනු ලබන නව  ගොඩනැගිලි ඉදිකිරීම් ව්‍යාපෘති හා අළුත්වැඩියා කිරීමේ ව්‍යාපෘති සදහා විදුලි ඉංජිනේරුමය උපදේශනය ලබා දීම විදුලි අංශය මගින් සිදු කරනු ලබයි.

  • විදුලි පද්ධති , විද්‍යුත් පද්ධති හා අකුණු ආරක්ෂණ පද්ධති සැලසුම් කිරීම
  • එම සැලසුම්වලට අදාලව සැලසුම්පත් සකස් කිරීම හා නිකුත් කිරීම
  • ප්‍රමාණ පත්‍ර/ඇස්තමේන්තු සකස් කිරීම, නිර්දේශ කිරීම/ අනුමත කිරීම
  • ඉල්ලීම් කරනු ලබන ව්‍යාපෘති සදහා ක්ෂේත්‍ර අධීක්ෂණය සහ බිල්පත් පරීක්ෂාව සිදු කිරීම
  • වාර්ෂික මිල ගණන් ලේඛනයේ විදුලි අයිතමයන් සදහා මිල ගණන් සැපයීම.
  • මධ්‍යම පළාත් සභාවට අයත් ආයතන හා මධ්‍යම රජයේ ආයතන විසින් ඉල්ලීම් කරනු ලබන විශේෂ අවස්ථාවලදී විදුලි ඉංජිනේරුමය තාක්ෂණික උපදේශනය ලබා දීම
  • දෙපාර්තමේන්තුව තුල මෙන්ම මධ්‍යම පළාත් සභාව තුල වෙනත් ආයන මගින් ඉල්ලුම් කරනු ලබන අවස්ථාවලදී තාක්ෂණික කමිටු සභාපති /සාමාජික ලෙස අදාල දායකත්වය ලබා දීම.
  • ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලවල විදුලි ඉංජිනේරු උපාධි අපේක්ෂකයන් සදහා කාර්මික පුහුණුව ලබා දීම
  • විදුලි ඉංජිනේරු විෂය සම්බන්ධ පුහුණු වැඩසටහන් සදහා සම්පත් දායකත්වය ලබා දීම.
  • පළාත් ඉංජිනේරු සේවා විසින් පවරනු ලබන වෙනත් රාජකාරි ඉටු කිරීම.
  • ප්‍රගතිය සමාලෝචනය හා අදාළ අංශ වෙත ප්‍රගතිය සම්බන්ධ තොරතුරු සැපයීම