ඉංජිනේරු සේවා දෙපාර්තමේන්තුව

මධ්‍යම පළාත් සභාව



වාස්තු විද්‍යා අංශය

අංශ ප්‍රධානීන්ගේ තොරතුරු :

1. වාස්තු විද්‍යාඥ, කේ.ඒ.ඩී.එස්.සී.කුලරත්න මිය

2. වාස්තු විද්‍යාඥ

3. වාස්තු විද්‍යාඥ

 

  1. මධ්‍යම පළාත් සභාවේ ඉංජිනේරු සේවා දෙපාර්තමේන්තුවේ, වාස්තු විද්‍යා කාර්යාලය මඟින් මධ්‍යම පළාත් සභාවට අයත් ගොඩනැගිලි සහ මධ්‍යම පළාත් තුල පිහිටි පළාත් පාලන ආයතන වලට අදාළ ව්‍යාපෘති සඳහා, නව ඉදිකිරිම් හා ප්‍රතිසංස්කරණ කටයුතු වල වාස්තු විද්‍යාත්මක සැලසුම් නිර්මාණය කිරීම හා එම ඉදිකිරිම් කටයුතු සඳහා අධික්ෂණ හා වාස්තු විද්‍යාත්මක උපදේශන කටයුතු ලබා දීම සිදු කරනු ලබයි.

 

අ.  මධ්‍යම පලාත් ඉංජිනේරු  සේවා දෙපාර්තමේන්තුව විසින්  ඉදිකිරීම් සිදුකරනු ලබන  යෝජිත නව ව්‍යාපෘති සහ ප්‍රතිසංස්කරන ව්‍යාපෘතිවලට අදාල වාස්තු විද්‍යා සැලසුම් නිර්මාණය කිරීම.

ආ.   මධ්‍යම පළාත් සභාවට අයත් වෙනත් ආයතන මගින්  හා මධ්‍යම රජයට  අයත් ආයතන ඉදිරිපත්  කරනු ලබන නව ව්‍යාපෘති  සහ ප්‍රතිසංස්කරන  ව්‍යාපෘතිවලට  අදාල වාස්තු විද්‍යා සැලසුම් නිර්මාණය කිරීම.

ඇ. එම ව්‍යාපෘතිවලට අදාලව ගොඩනැගිලි ඉදිකිරීම් හා සම්බන්ධ  අනුමැතීන් ලබා ගැනීම සම්බන්ධයෙන්  උපදේශන ලබා දීම.

ඈ. ඉදිකිරීම් සිදු  කරනු ලබන ව්‍යාපෘතිවල  වැඩ බිම් ප්‍රගතිය අධීක්ෂණය. අදාල උපදේශන සේවා සැපයීම. (කොන්ත්‍රාත්කරු හා සේවාලාභී  ආයතනය වෙත) සහ ව්‍යාපෘති පසු විපරම.

ඉ. පළාත් අධ්‍යක්ෂ (ඉංජිනේරු සේවා) විසින් පවරනු ලබන වෙනත්/ව්‍යාපෘති රාජකාරි ඉටු  කිරීම.