ඉංජිනේරු සේවා දෙපාර්තමේන්තුව

මධ්‍යම පළාත් සභාව



නියෝජ්‍ය පළාත් අධ්‍යක්ෂ (ඉංජිනේරු සේවා) සංවර් ධන හා පුහුණු කාර් යාලය 

අංශ ප්‍රධානියාගේ තොරතුරු

 

ප්‍රධාන ඉංජිනේරු (සිවිල්) සංවර්ධන හා පුහුණු

ඉංජි. කේ. ගුණසිංහ මිය

 

 

  1. අංශය වෙත පැවරී ඇති කාර්යය :
  • මධ්‍යම පළාත් සභාව යටතේ ඇති  පහත සඳහන් අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා ආයතන වලට අදාළව ඉදි කිරීම් හා අළුත්වැඩියාවන් සම්බන්ධව ඇස්තමේන්තු සකස් කිරීම, කොන්ත්‍රාත් ලියවිලි සකස් කිරීම, ප්‍රසම්පාදනය කිරීම, කොන්ත්‍රාත් ප්‍රදානය කිරීම, වැඩ අධීක්‍ෂණය කිරීම,  බිල්පත් නිර්දේශ කිරීම හා වෙනත් අවශ්‍ය අවස්ථාවලදී උපදේශාත්මක සේවය ලබාදීම.

 

  1. ප්‍රධාන හා අධ්‍යාපන, මුදල් හා ක්‍රමසම්පාදන, නීතිය හා සාමය, පළාත් පාලන හා පළාත් පරිපාලන, මිනිස් බල ද්‍රවිඩ අධ්‍යාපන හා මුස්ලිම් පාසල් කටයුතු, සංස්කෘතික කටයුතු, ඉඩම්, වෙළද හා වානිජ, ආහාර සැපයුම් හා බෙදා හැරීමේ කටයුතු, සංචාරක ක්‍රීඩා හා ආයෝජන සම්බන්ධීකරණ, වෙනත් අමාත්‍යාංශයන් යටතට නොගැනෙන විෂයයන් සම්බන්ධ  අමාත්‍යාංශය
  1. පළාත් පාලන දෙපාර්තමේන්තුව

    •  නගර සභා හා ප්‍රාදේශීය සභා - 48

  1. ඉඩම් දෙපාර්තමේන්තුව
  2. සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව
  3. ඉංජිනේරු සේවා දෙපාර්තමේන්තුව
  4. සංචාරක කටයුතු දෙපාර්තමේන්තුව
  5. ක්‍රීඩා දෙපාර්තමේන්තුව
  6. පුස්තකාල සේවා මණ්ඩලය
  7. පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය
  8. මලබාර් නිල නිවාසය
  9. ප්‍රධාන අමාත්‍යතුමාගේ නුවරඑළිය සංචාරක බංගලාව
  1. මාර්ග සංවර්ධන, ප්‍රවාහන, විදුලි බල හා බලශක්ති සහ නිවාස හා ඉදි කිරීම් අමාත්‍යාංශය
  1. නිවාස දෙපාර්තමේන්තුව
  2. ප්‍රවාහන දෙපාර්තමේන්තුව
  3. මාර්ගස්ථ මගී ප්‍රවාහන සේවා අධිකාරිය
  1. යෞවන කටයුතු, වනිතා කටයුතු, ග්‍රාමීය සංවර්ධන, සමූපකාර සංවර්ධන, කර්මාන්ත අමාත්‍යාංශය
  1. පේෂකර්ම දෙපාර්තමේන්තුව‍
  2. කර්මාන්ත සංවර්ධන හා ව්‍යාපාර ප්‍රවර්ධන දෙපාර්තමේන්තුව
  3. ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව.
  4. සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව
  5. සමූපකාර සේවක කොමිෂන් සභාව
  1. කෘෂිකර්ම, සුළු වාරිමාර්ග, සත්ව නිෂ්පාදන හා සංවර්ධන, ගොවිජන සංවර්ධන , මිරිදිය ධීවර, පරිසර කටයුතු, හින්දු සංස්කෘතික සහ වතු යටිතල  පහසුකම් අමාත්‍යාංශය
  1. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
  2. සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව
  3. වාරිමාර්ග දෙපාර්තමේන්තුව
  1. අනෙකුත් ආයතන
  1. ප්‍රධාන ලේකම් කාර්යාලය
  • REDA ආයතනය
  • පළාත් ආදායම්  දෙපාර්තමේන්තුව
  • සිංගල් ට්‍රී සංචාරක බංගලාව
  1. ආණ්ඩුකාර කාර්යාලය
  • ගල්පාලම සංචාරක බංගලාව
  1. සභා ලේකම් කාර්යාලය
  2. රාජ්‍ය සේවා කොමිෂන් සභාව
  • මධ්‍යම රජය යටතේ පවතින ආයතන වලට අදාළව ඉල්ලීම් ලැබෙන පරිදි ඉදි කිරීම් සම්බන්ධ අධීක්‍ෂණ හා උපදේශාත්මක සේවාවන් සැපයීම.
  • 2016 අංක 12 දරණ තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත යටතේ ලැබෙන ඉල්ලීම් පිළිබඳ කටයුතු කිරීම හා නියමිත කාල සීමාව තුළ අදාළ වාර්තා ප්‍රධාන ලේකම් වෙත යොමු කිරීම.
  • පුහුණුවීම් ලබාදීම
    1. කාර්යය මණ්ඩලය වෙතින් පුහුණු අවශ්‍යතා හදුනා ගැනීම හා ඒ අනුව,
    1. දෙපාර්තමේන්තුව තුළින් පුහුණු වීම් ලබාදීම.
    2. ප්‍රධාන ලේකම් කාර්යාලයේ පිරිස් හා පුහුණු අංශය මඟින් පවත්වනු ලබන පුහුණු වැඩසටහන් වලට යොමු කරවීම
    3. විදේශ පුහුණු වැඩසටහන් හා විදේශ ශිෂ්‍යත්ව සඳහා සුදුසු නිලධාරීන් යොමු කිරීමට අවශ්‍ය ඉදිරි කටයුතු සිදු කිරීම

 

    1. වරලත් ඉංජිනේරු තත්වය ලබා ගැනීම සඳහා ඉංජිනේරුමය ඉදිකිරීම් සම්බන්ධ පුහුණුව ලබාදීම.
    2. විශ්ව විද්‍යාල වල ඉංජිනේරු උපාධිය හදාරන සිසුන් සඳහා අදාළ ප්‍රායෝගික හා වෘත්තීය පුහුණුව ලබාදීම.
    3. විශ්ව විද්‍යාල වල තාක්‍ෂණවේදී උපාධිය හදාරන සිසුන් සඳහා අදාළ ප්‍රායෝගික හා වෘත්තීය පුහුණුව ලබාදීම.
    4. කාර්මික විද්‍යාල හා වෘත්තීය පුහුණු අධිකාරී ආයතන වල ජාතික තාක්‍ෂණ ඩිප්ලෝමාව, තාක්‍ෂණවේදී ඩිප්ලෝමාව, ජාතික තාක්‍ෂණ සහතිකය, සැලසුම් ශිල්පය, ප්‍රමාණ සමීක්‍ෂණය, වැඩබිම් අධීක්‍ෂණය, කොන්ත්‍රාත් කළමනාකරණය හා පරිගණක වැනි පාඨමාලා හදාරන සිසුන් සඳහා ප්‍රායෝගික හා වෘත්තීය පුහුණුව ලබාදීම.