ඉංජිනේරු සේවා දෙපාර්තමේන්තුව

මධ්‍යම පළාත් සභාව



නියෝජ්‍ය පළාත් අධ්‍යක්ෂ (ඉංජිනේරු සේවා) ව්‍යුහ නිර්මාණ අංශය

ප්‍රධාන ඉංජිනේරු (ව්‍යුහ නිර්මාණ)                    

ඉංජි. වයි.එම්.සී.එන්.යාපා මිය


අංශය වෙත පැවරී ඇති කාර් යභාරය :

මධ්‍යම පළාත් සභාවේ ගොඩනැඟිලි ආශ්‍රිත උපදේශන සේවා සපයන ප්‍රමුඛතම ආයතනය වන ඉංජිනේරු සේවා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පළාත් අධ්‍යක්ෂ (ඉංජිනේරු සේවා) ව්‍යුහ නිර්මාණ අංශය මඟින් සමස්ථ ඉදිකිරීම් ක්‍රියාවලියට අවශ්‍ය ඉංජිනේරු සැලසුම් හදිසි ආපදා තත්ත්වයන්ට ඔරොත්තු දෙන ලෙස , සම්මත පිරිවිතරවලට අනුව , කල්පවතින, ආරක්ෂාකාරී, ස්ථාවර , ළුලදායී හා ප්‍රායෝගිකව ඉදිකිරීමට හැකි වන අයුරින් සකස් කර දී මධ්‍යම පළාතේ ජීවත් වන මහජනතාවගේ අවශ්‍යතාවය අනුව, යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම හා සංවර් ධනය වඩාත් ඵලදායී අයුරින් ඉටු කිරීම සඳහා මෙම අංශය මඟින් අවශ්‍ය සැලසුම් සම්බන්ධ උපදේශනය ලබා දෙයි. 

මීට අමතරව, කණිෂ්ඨ ඉංජිනේරුවන් සඳහා වරලත් ඉංජිනේරු තත්ත්වය ලබා ගැනීමට අවශ්‍ය පුහුණු වීම ලබා දීම සඳහා ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය විසින් පිළිගත් ආයතනයක් ලෙස කටයුතු කරයි. 

ඉදිකිරීම්වල අපේක්ෂිත තත්ත්ව පාලනය (Quality Control) සඳහා ද්‍රව්‍ය පරීක්ෂණාගාරය මඟින් සිදු කරන කටයුතු අධීක්ෂණය, මඟ පෙන්වීම හා සම්බන්ධීකරණය නියෝජ්‍ය පළාත් අධ්‍යක්ෂ (ඉංජිනේරු සේවා) සැලසුම් මඟින් සිදු කරනු ලැබේ.


2005 වසරේ සිට ඉංජිනේරුවන් සඳහා වරලත් ඉංජිනේරු තත්ත්වය ලබා ගැනීමට අවශ්‍ය පුහුණුව ලබා දීම සඳහා ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය විසින් පිළිගන්නා ලද ආයතනයක් ලෙස කටයුතු කරන අතර, මේ වන විට ඉංජිනේරුවන් 35කට වඩා වැඩි සංඛ්‍යාවකට පුහුණු වීම ලබා දී ඇත.වෙනත් :

  • මධ්‍යම පළාතේ ඉදිකිරීම් සම්බන්ධව අවශ්‍ය වන උපදෙස් හා තාක්ෂණ වාර් තා ලබා දීම.